Those who help those seeking refuge and who need to be assisted are rare”
Endowed with these principles of these excellence qualities, Sugatha Elders’ Home was founded with a few Elders, some 20 years ago and has helped nearly one hundred elderly persons and become the most powerful Welfare Center in Bentota area.
Dr Siril Rajapaksha has been acting as the Chief Manager with dedication since the inception of this Welfare center and should be appreciated very much, the reason for this being that he gets endless of allegations.
Although Sugatha Elders’ Home was established as a Welfare center for the elders, it has become an Institute which gives shelter and assistance to those who require special needs today. But the Management has to face numerous difficulties, should deserve the support of Donors, Philanthropists, and well-wishers.
This social service has been continued amidst numerous difficulties and obstacles up to now. May the Tripple-Gem bless and give strength and encouragement for the management including staff members to render the services continuously without any troubles or inconveniences further.
පූජාච පූජනීයං - පිදිය යුත්තන් පුදමු.
මේ ලෝකයේ සියළු මව්පියෝ අපගේ දෙමව්පියෝ ය. එ අය රැකබලාගැනීම, පෝෂණය කිරීම හා දේවත්වයෙන් සැලකීම වැනි කරුණු සිහියේ තබාගෙන බෙන්තොට, සුගත වැඩිහිටි නිවාසයේ නිර්මාතෘ සහ සභාපති ගරු සිරිල් රාජපක්ෂ මැතිතුමා වසර 20 කාලයක් තිස්සේ සිදුකරන මෙම මහඟු කාර්යය මිලකළ නොහැකි පිංකමකි. එදා මෙදා තුර පුරා විසි වසරක කාලය තුළ මෙම වැඩිහිටි නිවාසයත් සමග අත්වැල් බැඳගෙන සිටින්නේ මෙම සද්කාර්ය එතුමා විසින් නිසි කළමනාකරණයකින් පවත්වාගෙන යාම නිසා බවද මෙහිදී සඳහන් කරමි.
ඉදිරියටත් මෙම සද්කාර්ය සිදුකර ගෙන යාමට ආචාර්ය සිරිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත්, නන් අයුරින් උදව් උපකාර කරමින් සිටින් පිංවත් ඔබටත් නිරෝගී සුවයත්, ධෛර්ය ශක්තියත් නිරතුරු ලැබේවායි මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරමි.
With the man landing on the moon, he has been enjoying the first fruit of the most modern technology at the maximum level while the Humanity has been deteriorating as a result. We have seen through media the way that some parents are being deserted on highways, they are imprisoned and chained in some houses, Parents are not given due place or respect what a pet-dog gets.
During this era Sugatha Elders’ home has been rendering a great service for 88 inmates, thereby accumulating merits, I know very well a great person like Dr Rajapaksha who has been giving leadership to this elder home with courage, sacrifice, and bravely despite the unlimited sufferings and difficulties he faces, in the discharge of duty.
I wish you all success for your efforts you make and bless you!
මිනිසා සඳමතට පා තබනවාත් සමගම නවීන තාක්ෂණයට තව තවත් මංපෙත් විවර විය. මේ වනවිට මිනිසා එහි අග්‍ර ඵලය බෙහෙවින් බුක්ති විඳිමින් සිටී. එමෙන්ම මිනිසාගේ මනුස්සකමද මේ ඔස්සේ පිරිහීයමින් පවතී. හදාවඩාගත් තම ආදරණීය මව්පියන් මහමග අතහැරදමා යන්නේ ද එහි අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි. ඇතැම් නිවෙස්වල සුරතල් සුනඛයාට ලැබෙන තැන වයෝවෘද්ධ තම මව්පියන්ට නොලැබෙන අවස්ථා මෙන්ම යදම්වලින් බැඳ තබා ඇති අවස්ථාත් ජනමාධ්‍ය මගින් අප කොතෙකුත් දැක අසා ඇත.
එවන් යුගයක බෙන්තොට සුගත වැඩිහිටි නිවාසය හව්හරණක් අහිමි දෙමව්පියන්ට රැකවරණය දෙමින් මහා පිං කන්දරාවක් රැස්කරගනිමින් ඊට නායකත්වය සපයන ආචාර්ය සිරිල් රාජපක්ෂ නම් වූ යුග පුරුෂයා ගැන සිහිපත් කළ යුතුයි. අසීමිත දුක් කන්දරාවක් සහ දුෂ්කර වූ බාධක හමුවේ නොසැලෙමින්, සුගත වැඩිහිටි නිවාසය අද පවතින තැනට ඔසවා තබන්නට ආචාර්ය සිරිල් රාජපක්ෂ මැතිතුමාගේ අපමණ වෙහෙසීම හා කැපවීමත් මා අගයකරමි.
එමෙන්ම මෙම සද්කාර්ය සඳහා වෙහෙස වූ, ඒ වෙනුවෙන් වෙර දරණ පිංවත් ඔබට මේ පිංබර අවස්ථාවේ ප්‍රණ්‍යානුමෝදනා කරමි.